යහපත් කාලගුණයක් පැවතියහොත් හෙට කඩුගන්නාව මාර්ගය විවෘත වන ලකුණු (Video)
Thursday, 11 November 2021 - 15:57 | Views - 440

නායයෑමේ අවදානමක් හේතුවෙන් පහළ කඩුගන්නාව ප්‍රදේශයෙන් වසා දැමුණු මහනුවර - කොළඹ ප්‍රධාන මාර්ගය හෙට (12) පෙරවරු 09 තෙක් වසා දැමීමට මාර්ග සංවර්ධන අධිකාරිය තීරණය කර තිබෙනවා.අදාළ තීරණය ගෙන ඇත්තේ, අද (11) උදෑසන මෙම ප්‍රදේශයේ සිදු කළ නිරීක්ෂණයකින් අනතුරුවයි.ඒ සඳහා මාර්ග සංවර්දන අධිකාරියේ ඉංජිනේරුවන් සහ ජාතික ගොඩනැගිලි පර් යේෂණ ආයතනයේ සහ භූ විද්‍යා සමීක්ෂණ නිලධාරීන් ද එක්ව සිටියා.පසුගිය දින කිහිපය පුරා මහනුවර ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවලට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන්, කඳුකර ආශ්රිත ප්‍රදේශවල සුළු නා යෑම් සහ පස් කඳු කඩා වැටීම් බොහොමයක් වාර්තා වුණා.කොළඹ - මහනුවර මාර්ගයේ පහළ කඩුගන්නාව ප්‍රදේශයේ පලතුරු වෙළෙඳසැල් පිහිටා ඇති ප්‍රදේශයේ එවැනි පස් කඳු කඩා වැටීමක් ඊයේ (10) වාර්තා වුණා.කොළඹ - මහනුවර ප්‍රධාන මාර්ගය ගමනාගමන කටයුතු සඳහා පහළ කඩුගන්නාව ප්‍රදේශයෙන් වසා දැමුණේ, මෙම අනතුරුදායක තත්ත්වයත් සමගයි.කෙසේ වෙතත්, මේ වනවිට ප්‍රදේශය බලපවත්වන යහපත් කාලගුණික තත්ත්වය එලෙසම පැවතුණහොත්, හෙට (12) උදෑසන 9 පමණ වනවිට මාර්ගය විවෘත කළ හැකි බවටයි මාර්ග සංවර්ධන අධිකාරිය විශ්වාසය පළ කරන්නේ.
Share This Article