යහපත් කාලගුණයක් පැවතියහොත් හෙට කඩුගන්නාව මාර්ගය විවෘත වන ලකුණු (Video)
Thursday, 11 November 2021 - 15:57 | Views - 441
නායයෑමේ අවදානමක්  හේතුවෙන් පහළ කඩුගන්නාව ප්‍රදේශයෙන් වසා දැමුණු මහනුවර - කොළඹ ප්‍රධාන මාර්ගය හෙට (12) පෙරවරු 09 තෙක් වසා දැමීමට මාර්ග සංවර්ධන අධිකාරිය තීරණය කර තිබෙනවා.

අදාළ තීරණය ගෙන ඇත්තේ, අද (11) උදෑසන මෙම ප්‍රදේශයේ සිදු කළ නිරීක්ෂණයකින් අනතුරුවයි.

ඒ සඳහා මාර්ග සංවර්දන අධිකාරියේ ඉංජිනේරුවන් සහ ජාතික ගොඩනැගිලි පර් යේෂණ ආයතනයේ සහ භූ විද්‍යා සමීක්ෂණ නිලධාරීන් ද එක්ව සිටියා.

පසුගිය දින කිහිපය පුරා මහනුවර ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවලට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන්, කඳුකර ආශ්‍රිත ප්‍රදේශවල සුළු නා යෑම් සහ පස් කඳු කඩා වැටීම් බොහොමයක් වාර්තා වුණා.

කොළඹ - මහනුවර මාර්ගයේ පහළ කඩුගන්නාව ප්‍රදේශයේ පලතුරු වෙළෙඳසැල් පිහිටා ඇති ප්‍රදේශයේ එවැනි පස් කඳු කඩා වැටීමක් ඊයේ (10) වාර්තා වුණා.

කොළඹ - මහනුවර ප්‍රධාන මාර්ගය ගමනාගමන කටයුතු සඳහා පහළ කඩුගන්නාව ප්‍රදේශයෙන් වසා දැමුණේ, මෙම අනතුරුදායක තත්ත්වයත් සමගයි.

කෙසේ වෙතත්, මේ වනවිට ප්‍රදේශය බලපවත්වන යහපත් කාලගුණික තත්ත්වය එලෙසම පැවතුණහොත්, හෙට (12) උදෑසන 9 පමණ වනවිට මාර්ගය විවෘත කළ හැකි බවටයි මාර්ග සංවර්ධන අධිකාරිය විශ්වාසය පළ කරන්නේ. 
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top