දිවයිනේ නිරිත දිග කොටසට වැසි වැඩි වෙයි
Thursday, 11 November 2021 - 14:27 | Views - 580
අද (11) රාත්‍රියේ සිට දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

මෙම තත්ත්වය හෙට සහ අනිද්දා දින වලද අපේක්ෂා කරන බවයි එම දෙපාර්තමේන්තුවේ අනාවැකිකරණ අංශයේ අධ්‍යක්ෂිකා ශිරෝමනි ජයවර්ධන කියා සිටියේ.

මේ අතර නාය යාමේ අවදානමක් හේතුවෙන් ඊයේ සිට වසා දැමුණු කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ පහළ කඩුගන්නාව ප්‍රදේශයෙන් වසා දැමුණු කොළඹ - මහනුවර ප්‍රධාන මාර්ගය හෙට පෙරවරු 9 දක්වා තවදුරටත් වසා තැබෙන බව මාර්ග සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කළා.

එමෙන්ම නාවලපිටිය - පූඩළුඔය ප්‍රධාන මාර්ගයේ ගමනාගමන කටයුතු තවදුරටත් ඇණහිට තිබෙනවා. එම මාර්ගයට ඊයේ කඩා වැටුණු පස් කන්ද ඉවත් කිරීමේ කටයුතු මේ වන විට සිදුවෙමින් පවතින නමුත් තවදුරටත් පස් කඳු කඩා වැටීමේ අවදානමක් පවතින බවයි වාර්තා වන්නේ. මේ හේතුවෙන් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

රත්නපුර - වේවැල්වත්ත පොලිස් වසමට අයත් හපුගස්තැන්න - උඩ නුගේපොළ ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ නාය යාමක් සිදුව තිබෙනවා. පොලීසිය සඳහන් කළේ ප්‍රදේශයේ මීටර් 100ක පමණ කොටසක් මෙලෙස නාය යාමට ලක්ව ඇති බවයි. කෙසේ වෙතත්, නිවාස හෝ දේපළ මෙන්ම ජීවිත හානි ද වාර්තා නොවන බව පොලීසිය සඳහන් කළා. එම නාය ගොස් ඇති කොටසට පහලින් පිහිටා ඇති නිවාසවල ජනතාව ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර ඇති බවයි පොලීසිය කියා සිටියේ.

පවතින වර්ෂාපතනයත් සමග දිවයිනේ ජලාශ 14ක් තවදුරටත් වාන් දමන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළා. 
 
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top