සිඟිත්තියගේ බාධා කිරීම සතුටු සිතින් පිළිගත් අගමැතිවරිය
Thursday, 11 November 2021 - 13:30 | Views - 329
නවසිලන්ත අගමැතිනි ජෙසින්ඩා ආර්ඩ්න් කෝවිඩ් වසංගතය සම්බන්ධයෙන් සිදු කෙරුනු සජීවී සාකච්ඡාවකට ෆේස්බුක් ඔස්සේ එක් ව සිටියදී ඇයගේ තුන් හැවිරිදි දියණිය ඊට වරින් වර බාධා කරන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනවා.

සිඟිති දියණිය සිය අගමැති මවට පවසා සිටින්නේ ඇය නොමැතිව නින්දට යෑමට නොහැකි බවයි. කෙසේ වෙතත් නවසීලන්ත අගමැතිනිය ඇයව සනසමින් ඇගේ මිත්ත්නිය සමග නින්දට යන ලෙස පවසමින් නැවතත් සජීවී සංවාදය සමඟ එක්වන්නේ වන්නේ කුඩා දරුවන් සම්බන්ධයෙන් ද අදහස් දක්වමින්.
 
 කෙසේ වෙතත් තවත් සුළු මොහොතකින් කාමරයේ කෙළවරෙන් නැවතත් සිඟිති කටහඬක් අවදි වන හඬ ඇසෙන්නේ අම්මේ ඔබ තවමත් අවසන් නැද්ද එය තවත් වෙලාව ගනියිද යනුවෙන් විමසමින්. 
 
මෙහිදී අගමැතිනිය සිය සිඟිති දියණියට ප්‍රතිචාර දක්වන්නෙ ඔව් මට තව ටිකක් වෙලා යයි යනුවෙන්. කෙසේ වෙතත් මවකගේ වගකීම වහාම වටහා ගන්නා නවසීලන්ත අගමැතිනිය සජීවී සාකච්ඡාවෙන් ඉවත් වන්නේ දරුවන් නිදි කළ යුතු වෙලාවට නිදිකරවීම අත්‍යාවශ්‍ය දෙයක් බව පවසමින් නැවතත් බාධාවලින් තොර මෙවැනි සාකච්ඡාවකට සජීවීව එක්වන බවට දෙන පොරොන්දුවත් සමගින්. 
 
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top