බිරිඳ මරා දරුවාද රැගෙන පලාගිය සැමියා
Thursday, 11 November 2021 - 11:33 | Views - 574
සැමියාගේ පහරකෑමට ලක්වූ බිරිඳක් එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. කෙසේ වෙතත් සැකකාර සැමියා මේ වන විට ඔවුන්ගේ දරුවාද රැගෙන පලාගොස් ඇති බවටයි වැඩිදුරටත් සඳහන් වන්නේ. 
 
මෙලෙස මියගොස් ඇත්තේ මාලිම්බඩ උතුර පදිංචි ඇඟලූම් කම්හලක සේවයේ නියුතුව සිටි 33 හැවිරිදි එක්දරු මවක් වන හර්ෂා නිශානි කළුආරච්චි නැමැති අයෙක් බවයි සඳහන්. 
 
මොරවක ප‍්‍රදේශයේ පුද්ගලයකු වන 37 හැවිරිදි සැකකාර සැමියා පෙරේදා(09) දින රාත්‍රී සිය බිරිඳ සහ නැන්දම්මා සමඟ බහින්බස්වීමක් ඇතිවී එය දුරදිග යෑමෙන් මොහු බිරිඳට සහ නැන්දම්මාට පොල්ලකින් පහර දී ඇති බව මූලික පොලිස් පරීක්ෂණවල දී අනාවරණය වී තිබෙනවා. 
 
මියගොස් ඇති කාන්තාවගේ සැකකාර සැමියා මෙම සිද්ධියෙන් අනතුරුව අවුරුදු 02 ක් වයසැති ඔවුන්ගේ දරුවාද රැගෙන නිවසින් පලාගොස් ඇති බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා. පහරකෑමෙන් දැඩි ලෙස තුවාල ලබා ඇති මියගිය බිරිඳගේ මව මේ වනවිට රෝහල්ගත කර තිබෙන බවත් ,සැකකාර සැමියා අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් ක්‍රියාත්මක බවත් වැඩිදුරටත් සඳහන්.
 
 
 

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top