මාස තුනක් තිස්සේ බාලවයස්කාර දැරිය දුෂණය කෙරූ 33 හැවිරිදි තරුණයා
Thursday, 11 November 2021 - 10:41 | Views - 725
පහළොස් හැවිරිදි බාලවයස්කාර දැරියක් දූෂණය කිරීම සම්බන්ධයෙන් 33 හැවිරිදි තරුණයකු සහ ඒ සඳහා අනුබල දුන් දැරියගේ මව අත්අඩංගුවට ගත් බැව් යක්කලමුල්ල පොලිසිය පවසයි.

මෙයට මාස තුනකට පමණ ඉහතදී මෙම දැරිය දූෂණයට ලක්ව ඇති බැව් පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා. සැකකරු මෙකී දැරියගේ නිවෙසට ආගිය අයකු බව පොලිසිය පවසයි. ඉකුත් 06 වැනි දින දැරිය පුංචිගේ නිවෙසට යන බව පවසා නිවෙසින් පිටත්ව ගොස් ඇති බවත් සඳහන්. දැරිය නිවෙසට යළි නොපැමිණීම නිසා දැරියගේ මව පොලිසියට පැමිණිලි කර තිබෙනවා. දැරිය සැකකරු සමඟ යතුරුපැදියකින් ගොස් තිබෙනවා. ඇය 09 වසරේ ඉගෙනුම ලබන දැරියක්. 
 
පසුව දැරිය හා සැකකරු පොලිසිය මඟින් අත්අඩංගුවටගෙන දැරිය අධිකරණ වෛද්‍ය පරීක්ෂණයකට යොමුකොට ඇති අතර එහිදී ඇය දූෂණයට ලක්ව ඇති බැව් අනාවරණය වී තිබෙනවා. සැකකරු හා දැරියගේ මව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
 
 ගාල්ල සහකාර පොලිස් අධිකාරි 03 සනත් අමරසිංහ ගේ අධීක්ෂණය යටතේ යක්කලමුල්ල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක චන්දන හේවගේ සහ පොලිස් පරීක්ෂිකා මහේෂික යන නිලධාරිනිය විසින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවත් සඳහන්. 
 
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top