දිනෙන් දින ඉහළ යන ආසාදිත රැල්ල
Thursday, 11 November 2021 - 9:09 | Views - 344
මෙරටින් ඊයේ හඳුනාගත් කොරෝනා ආසාදිතයින් 693 දෙනා සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව පන්ලක්ෂ 47,346ක් දක්වා ඉහළ ගියා.

නව ආසාදිතයින් සියළු දෙනා අලුත් අවුරුදු කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් වන අතර ඒ අනුව මෙරට සක්‍රිය ආසාදිතයින් සංඛ්‍යාව 10,921ක්.

පෙරේදා සිදු වූ බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරන ලද මරණ 16ත් සමග මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 13,908ක් දක්වා ඉහළ ගියා.

මේ අතර, කොරෝනා ආසාදිත පාසල් සිසුන් වාර්තා වීමේ ඉහළ යාමක් නිරීක්ෂණය වන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

එහි උප සභාපති එස්.ඒ.යූ.ටී කුලතිලක සඳහන් කලේ ලබන දෙසැම්බර් මාසයේදී යළි මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළ යාමේ අවදානමක් පවතින බවයි.

එමෙන්ම, ළමා රෝග විශේෂඥයන්ගේ සංගමය සඳහන් කළේ වයස අවුරුදු 12 ත් 15 ත් අතර පාසල් සිසුන් එන්නත්කරණය පිළිබඳ විශේෂඥ වාර්තාව අවසන් අදියරේ පවතින බවයි. 
 

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top