ඉදිරි වර්ෂයට අදාළ අයවැය හෙට
Thursday, 11 November 2021 - 8:58 | Views - 422
ලබන වසර සඳහා වන අයවැය යෝජනා හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. ඒ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින්.

මෙවර අයවැයේදී අයවැය හිඟය අඩු කරගනිමින් මෙරට ආර්ථිකය පවත්වා ගැනීමට අවධානය යොමු විය යුතු බවයි ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ.

මෙවර විසර්ජන පනත් කෙටුම්පතට අනුව ඇස්තමේන්තුගත සමස්ත වියදම රුපියල් බිලියන 5134 ක්.

ඉන් රුපියල් බිලියන 1521 ක් රාජ්‍ය ණය ආපසු ගෙවීම සඳහා වන වියදම් වන බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

රාජ්‍ය සේවක වැටුප් ගෙවීම සඳහා රුපියල් බිලියන 980 යි දශම 2ක් වැය වනවා.

මෙවර අයවැයෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රය සඳහා වෙන් කරන මුදල් ප්‍රමාණය ඉහළ නැංවිය යුතු බව සෞඛ්‍ය අංශ අවධාරණය කරනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ, කොරෝනා තත්ත්වයන්ට දීමටත්, පරීක්ෂණ සහ එන්නත්කරණය පුළුල් කිරීමට මෙන්ම රෝහල් තුල පහසුකම් වැඩි කිරීම සඳහා එලෙස ප්‍රතිපාදන ඉහළ නැංවිය යුතු බවයි. 
 
 
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top