ඝාතනය කර ගමන් බෑගයක දමා තිබියදී හමු වූ කාන්තාවගේ රන් බඩු වලට සිදු වූ දේ
Tuesday, 09 November 2021 - 14:05 | Views - 621
සපුගස්කන්ද ප්‍රදේශයේ ගමන් මල්ලක් තුළ තිබී කාන්තා මළ සිරුරක් සොයා ගැනීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් කාන්තාවගේ සහෝදරයාත් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.

up date...

අමානුෂික ලෙස ඝාතනය කර බෑගයක දමා සපුගස්කන්ද කසල ගොඩට ගෙනත් දමා තිබූ කාන්තාව පැළඳ සිටි රන් ආභරණ, මුදල් හා ඝාතනයට යොදා ගත් යකඩ මෝල් ගහ හා මළ සිරුර රැගෙන ගිය ත්‍රිරෝද රථය ද සොයාගත් බව සපුගස්කන්ද පොලිසිය පවසනවා.

 මෙම ඝාතනය සම්බන්ධව අත්අඩංගුවට ගත් අඹුසැමි යුවළ ලබා දුන් ප්‍රකාශ මත මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙන බව සඳහන්. 

ඝාතනයට ලක් වු කාන්තාව පැළඳ සිටි රන් මාලයක් , රන් කරාබු ජෝඩුවක් හා රන් මුද්දක් සැකකාරිය විසින් කොළඹ , හෙට්ටිවිදීයේ රන් ආභරණ සාප්පුවකට රුපියල් එක් ලක්ෂ හැටනව දහසකට විකුණා තිබෙන අතර ඒවා ඔවුන් විසින් උණු කර තිබියදී සොයා ගත් බවත් පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ. 

මීට අමතරව කාන්තාව පැළඳ සිටි තවත් රන් වළල්ලක් හා මුද්දක් සැකකාරිය මට්ටක්කුලිය , සමිට්පුර ප්‍රදේශයේ කාන්තාවකට ලබා දී තිබියදී සොයාගත් බවයි වැඩිදුරටත් සඳහන් වුණේ.

උපුටා ගැනීම - ලංකාදීප

 

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top