අයහපත් කාලගුණය හේතුවෙන් කිලිනොච්චිය දිස්ත්රික්කයේ සියලුම පාසල් හෙට දිනයේ (10) වසා තැබෙනවා.
කිලිනොච්චිය දිස්ත්රික් ලේකම්වරයා කියා සිටියේ, අධික වර්ෂාපතනය හේතුවෙන් පීඩාවට පත්ව ඇති දරුවන් උදෙසා මෙම තීරණය ගත් බවයි.
කෙසේ වෙතත් පවතින අධික වර්ෂාව හේතුවෙන් යාපනය දිස්ත්රික්කයේ සියළු පාසල් අද දිනයේ වසා තැබීමට දිස්ත්රික් ලේකම්වරයා කටයුතු කර තිබෙනවා.