ඕනෑම කොරෝනා ආසාදිතයෙකුගෙන් තවත් පොකුරක්
Tuesday, 09 November 2021 - 9:34 | Views - 2,197
කොරෝනා ආසාදිතයින් 679 දෙනෙකු ඊයේ දිනයේ වාර්තා වූ අතර කොරෝනා ආසාදිත මරණ 19ක් ද සිදුව ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

මේ අතර, ඕනෑම කොරෝනා ආසාදිතයෙකු වාර්තා වන ස්ථානයක තවත් පොකුරු ඇති විය හැකි බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා.

ඊයේ දිනයේ හඳුනා ගත් කොරෝනා ආසාදිතයින් 679 ක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව පන්ලක්ෂ 45,935 ක් දක්වා ඉහළ ගියා.

එසේම බෙන්තොට ප්‍රදේශයේ ජාත්‍යන්තර පාසලක සිසුන් 17 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබෙනවා.

ඒ, එම පාසලේ සිසු සිසුවියන් 51 දෙනෙකු වෙනුවෙන් සිදු කළ කොරෝනා පරීක්ෂණයකින් අනතුරුවයි.

ඔවුන් අලුත්ගම, බෙන්තොට, ඌරගස්මංහන්දිය සහ කොස්ගොඩ යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවටයි හිරු වාර්තාකරු සදහන් කළේ.

මේ අතර, සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වූ එහි අධ්‍යක්ෂ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව කියා සිටියේ ඕනෑම කොරෝනා ආසාදිතයෙකු වාර්තා වන ස්ථානයක තවත් පොකුරු ඇති විය හැකි බවයි.

එමෙන්ම, විනෝදාස්වාද ඇතුළු සංචාර කටයුතු සිදුකිරීමේදී ජනතාව වැඩි වශයෙන් ඒකරාශී වන ස්ථානවලට නොයා සිටීම සුදුසු බවයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් ප්‍රකාශ කළේ.
 
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top