පවතින අධික වර්ෂාව හේතුවෙන් යාපනය දිස්ත්‍රික්කයේ සියළු පාසල් අද දිනයේ වසා තැබීමට දිස්ත්‍රික් ලේකම්වරයා කටයුතු කර තිබෙනවා.
මේ අතර, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කළේ, ගංඟා සහ ඔයවල් රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇති බැවින් පහත්බිම්වල ජනතාව ඒ පිළිබදව අවධානයෙන් පසුවිය යුතු බවයි.
ඒ අනුව නිල්වලා ගඟ සහ ගිං ගඟ මෙන්ම අත්තනුගලුඔය ආශ්රිත පහත්බිම්වල ජනතාව ද දැඩි අවධානයෙන් පසුවිය යුතු වනවා.
එසේම මහඔයේ ජල මට්ටම ද ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින අලව්ව, දිවුලපිටිය, මිරීගම, පන්නල, වෙන්නප්පුව, මීගමුව, කටාන, නාරාම්මල සහ දංකොටුව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ප්‍රදේශ කිහිපයක පහත් බිම්වල ජල ගැලීම් තත්ත්වයක් ඇති විය හැකි බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.