හතර දෙනෙකු යට කෙරූ පස් කන්ද (Photos)
Tuesday, 09 November 2021 - 8:07 | Views - 2,748
රඹුක්කන - දොඹේමඩ ප්‍රදේශයේ පස් කන්දක් කඩා වැටීමෙන් 3 දෙනෙකු මිය ගොස් එක් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර ඇති බවයි වාර්තා වන්නේ. 
 
මෙසේ මියගොස් ඇත්තේ මව, දියණිය සහ ඔවුන්ගේ ඥාති දියණියක බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ. 
 
up date...
 
කෑගල්ල - රඹුක්කන - දොඹේමඩ ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් පුද්ගලයින් 3 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

තවත් අයෙකු එහිදී බරපතළ තුවාල ලබා රෝහල්ගත කෙරුණා.

මෙලෙස මිය ගොස් ඇත්තේ එකම පවුලේ මව, දියණිය සහ ඥාති දියණියක්.

මිය ගිය මවගේ වයස අවුරුදු 36ක් වන අතර අවුරුදු 8ක ඇගේ දියණිය සහ රාජාංගණයේ සිට පැමිණි 13 හැවිරිදි ඥාති දියණියක මෙලෙස මිය ගොස් ඇති බවයි දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.

බරපතළ තුවාල ලැබූ පියාගේ වයස අවුරුදු 40ක්.

මේ අතර, හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගය භාවිතා කිරීමේදී දැඩි අවධානයෙන් පසුවන ලෙස දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලීමක් කර සිටිනවා.

ඊට හේතුව ලෙස එම මධ්‍යස්ථානය පෙන්වා දෙන්නේ පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් සමග පස් කඳු සහ ගස් කඩා වැටීමේ අවදානමක් පැවතීමයි.

ඊයේ දිනයේ ද එම මාර්ගයේ ස්ථාන කිහිපයකට පස් කදු සහ ගස් කඩා වැටී තිබූ අතර මේ වන විට ඒවා ඉවත් කර ගැනුණා.

මේ අතර, බදුල්ල, කොළඹ, කළුතර, ගාල්ල, කෑගල්ල, රත්නපුර, මාතලේ, මහනුවර, නුවරඑළිය සහ කුරුණෑගල දිස්ත්‍රික්ක සඳහා නිකුත් කළ නාය යාමේ අනතුරු ඇගවීම් තවදුරටත් ක්‍රියාත්මක බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.

එසේම නුවරඑළිය, මාතලේ, කළුතර සහ බදුල්ල යන දිස්ත්‍රික්කවල නාය යාම්, පස් කඳු කඩා වැටීම් සහ අධික වර්ෂාව හේතුවෙන් පවුල් 58කට අයත් පුද්ගලයින් 222 නෙකු ආරක්ෂිත ස්ථානවල රඳවා සිටිනවා. 
 
 
 
 
 
 
 
 
 
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top