ක්‍රිකට් කණ්ඩායමේ මුල් පෙළ ගැන කිරිඇල්ලගෙන් ඉල්ලීමක්
Monday, 08 November 2021 - 15:19 | Views - 336
පසුගිය විස්සයි 20 ලෝක කුසලාන තරඟමාලාව තුළ දී ශ්‍රී ලංකා පිලේ ආරම්භක පිතිකරුවන් නිරන්තරයෙන් අසාර්ථක වූ බවත් ඊට පිළියමක් වශයෙන් දැනට තරඟ තහනම් පනවා ඇති ක්‍රීඩකයින් තිදෙනා කණ්ඩායමට ඇතුළත් කිරීමට සලකා බලන ලෙසත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

අද (08) දින පාර්ලිමේන්තුවේ දී කිරිඇල්ල මන්ත්‍රීවරයා මේ බව විමසූ අවස්ථාවේ නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා පැවසුවේ, අදාළ තීන්දුව සම්බන්ධයෙන් සළකා බැලූ ප්‍රධාන ම කාරණය විනය විරෝධී වීම බවයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ ඉදිරි පෙළ පිතිකරුවන් වූ කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලක යන ක්‍රීඩකයින් පසුගිය එංගලන්ත සංචාරයේ දී ජෛව බුබුළු නීතිරීති උල්ලංඝනය කිරීම හේතුවෙන් මේ වන විට ජාත්‍යන්තර හා දේශීය තරඟ තහනමකට ලක්ව සිටිනවා.

ඊට අමතරව ඔවුන්ට මුදල් දඩ ද පැනවූවා.
 
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top