දිවයිනට පැමිණි කොටි හිතවාදී අල්ලි රාජා සුබාශ්කරන්ට විශේෂ ආරක්ෂාවක් ?
Monday, 08 November 2021 - 14:54 | Views - 243

බ්‍රිතාන්‍ය ලයිකා මොබයිල් ජාලය හිමි මෙරට සම්භවයක් සහිත කුප්‍රකට ව්‍යාපාරික අල්ලි රාජා සුභාෂ්කරන් පෙරේදා දිනයේ ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව වාර්තා වනවා. එම වාර්තා පෙන්වා දෙන්නේ ඔහු කටුනායක ගුවන් තොටුපළින් මෙරටට පැමිණ ඇත්තේ විශේෂ අමුත්තන් සඳහා භාවිත කරන පර්යන්තය ඔස්සේ බවයි.යුරෝපීය එල්ටීටීඊ ඩයස්පෝරාව සමඟ සමීප සම්බන්ධකම් පවත්වන සුභාෂ්කරන් ලොව බොහෝ රටවල්වල මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් චෝදනා ලැබුවෙක්.එමෙන්ම ඔහු එල්ටීටීඊ මුදල් පරිපාලන කටයුතු සිදු කළ බවටත් විවිධ පාර්ශව චෝදනා කරනවා.ලොව බොහෝ රටවල් අල්ලි රාජා සුභාෂ්කරන් ගේ ලයිකා මොබයිල් ජාලය අසාදු ලේඛන ගත කර ඇති අතර ඔහුගේ ව්‍යාපාර සමූහයටත් විවිධ සම්බාධක පනවා තිබෙනවා.මේ හේතුවෙන් අල්ලි රාජා සුභාෂ්කරන් හට ලොව බොහෝ රටවල් එරටට ඇතුළු වීම සඳහා අවසර ලබා නොදෙන අතර ඇතැම් අවස්ථාවල ඔහු ක්‍රියාත්මක කිරීමට උත්සාහ දැරූ ව්‍යාපාරික අවස්ථාවන් සඳහා ද තහංචි පැන වුණා.පෙරේදා දිවයිනට පැමිණි මෙම කුප්‍රකට ව්‍යාපාරිකයා ඊයේ කොළඹ තරු පන්තියේ හෝටලයක ප්‍රිය සාදයක් ද පවත්වා ඇති බවටයි වාර්තා වන්නේ.මේ සඳහා මෙරට ප්‍රභූ පැලැන්තියේ මෙන්ම දේශපාලන චරිත කිහිපයක් ද එක්ව සිටි බවට වාර්තා වනවා. මෙරට ව්‍යාපාරික කටයුතු සඳහා ඇතුළත් වීමට වසර ගණනාවක් තිස්සේ නොයෙකුත් ක්‍රියාමාර්ග හරහා උත්සාහ දැරූ අල්ලි රාජා සුභාෂ්කරන් ගේ එම උත්සාහය යථාර්තයක් බවට පත් වන්නේ පසුගිය යහපාලන රජය සමයේයි.ඒ ඊ.ඒ.පී මාධ්‍ය ජාලය මිලදී ගැනීම හරහායි.ඒ වන විට බංකොලොත් තත්ත්වයට පත්ව තිබූ ඊ.ඒ.පී මාධ්‍ය ජාලය සඳහා දේශීය වශයෙන් වැඩිම ලංසුව ඉදිරිපත් කර තිබූ දේශීය ව්‍යාපාරිකයෙක් නොසලකා හරිමින් අල්ලි රාජා සුභාෂ්කරන් හට ස්වර්ණවාහිනී ප්‍රමුඛ ඊ.ඒ.පී. මාධ්‍ය ජාලය ලබාදීමට පසුගිය යහපාලන රජය සමයේ බලයේ සිටි දේශපාලනඥයින් සහ තවත් විවිධ පුද්ගලයින් පියවර ගත්තා.අල්ලි රාජා සුභාෂ්කරන් නැවත මෙලෙස දිවයිනට පැමිණ ඇත්තේ ඔහුගේ මෙම ගණුදෙනුවේ ඉතිරි කටයුතු අවසන් කිරිම සඳහා බවයි වාර්තා වන්නේ. මේ අතර මෙම කුප්‍රකට ගනුදෙනුව සම්බන්ධයෙන් එවකට අදහස් දැක්වූ දැනට කැබිනට් අමාත්‍ය ධුරයක් ද දරණ විමල් වීරවංශ ප්‍රසිද්ධ වේදිකාවේ කියා සිටියේ එල්ටීටීඊ ඩයස්පෝරාවේ ආධාර උපකාර ලබන කොටි හිතවාදියකු වන අල්ලි රාජා සුභාෂ්කරන් සම්බන්ධයෙන් වූ ඊ.ඒ.පී. ගනුදෙනුවට සම්බන්ධ වූ සැමට තමන් බලයට පත්වන රජයක් යටතේ දඬුවම් විඳීමට සිදුවන බවයි.කෙසේ වෙතත් මෙවර සිය ව්‍යාපාර කටයුතු තවත් පුළුල් කර ගැනීම සඳහා අල්ලි රාජා සුභාෂ්කරන් මෙරටට පැමිණ ඇත්තේ මෙලෙස ප්‍රසිද්ධ වේදිකාවේ මෙම කුප්‍රකට ව්‍යාපාරිකයාට එදිරිව අදහස් දැක් වූ විමල් වීරවංශ කැබිනට් අමාත්‍ය ධූරයක් දරණ රජයක වීම කණගාටුවට කරුණක්. මේ අතර තහවුරු නොකළ වාර්තා පෙන්වා දෙන්නේ දිවයිනට පැමිණි අල්ලි රාජා සුභාෂ්කරන් ගේ ආරක්ෂාව සඳහා ආරක්ෂක නිලධාරීන් කණ්ඩායමක් යොදවා ඇති බවත් එම ආරක්ෂාව ලබා දීමට මූලික වී කටයුතු කර ඇත්තේ මේ වන විට ජනාධිපති මාධ්‍ය අංශයේ ඉහළ තනතුරක් දරන පුද්ගලයෙක් බවත් වාර්තා වනවා.
Share This Article