කොවිඩ් 19 එන්නත් මාත්‍රා ද්විත්වයම ලබා නොගත් පිරිස් පොදු ස්ථානවලට ගියහොත්, ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගත හැකි බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා.
අදාළ තීරණය සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් අනුමැතිය ලබා දී ඇති බවද , ඉදිරියේදී මෙම නීතිය හැකි ඉක්මනින් ක්‍රියාත්මක කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.