පාසල් සහ රට යළි වසා දැමීමට සිදුවෙයි ? - සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි (Video)
Monday, 08 November 2021 - 13:55 | Views - 5,410
ජනතාව සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසි පරිදි අනුගමනය නොකළහොත් පාසල් සහ රට යළි වසා දැමීමට සිදු වනු ඇති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් ප්‍රකාශ කළා.

මේ අතර මාස 06 පසු පාසල්වල 10, 11, 12 සහ 13 ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු අද යළි ආරම්භ කෙරුණා.

සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව පාසල්වල 10 සිට 13 දක්වා ශ්‍රේණිවල සිසුන් පාසල් වෙත පැමිණීම දක්නට ලැබුණු බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.  

මේ අතර ජනතාව සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසි පරිදි අනුගමනය නොකළ හොත් පාසල් සහ රට යලි වසා දැමීමට සිදු වනු ඇති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් ඇතැම් පාසල්වලින් සීමිත ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වී තිබුණ ද එය සාමාන්‍ය තත්ත්වයක් බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ, දෙමාපියන් ඒ පිළිබඳව අනියත බියක් ඇති කර නොගත යුතු බවයි.

එමෙන්ම අද සිට නැවතත් සියලු කාර්යාල දුම්රිය සමාන්‍ය පරිදි ධාවනය කෙරෙන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර ප්‍රකාශ කළා.

ඒ අනුව මීට පෙර 152ක් ව පැවති දෛනික දුම්රිය ගමන්වාර සංඛ්‍යාව අද සිට 302 දක්වා වැඩි කර තිබෙනවා.  

මේ අතර එංගලන්තයෙන් ප්‍රථම වරට හඳුනා ගත් බී 117 හෙවත් ඇල්ෆා විකෘති ප්‍රභේදය ඇමරිකාවේ සුනඛයන්ට සහ බළලුන්ට ද ආසාදනය වී තිබෙනවා.

මෙම විකෘති ප්‍රභේදය එම සතුන් අතරින් වාර්තා වූ පළමු අවස්ථාව බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

එමෙන්ම පූර්ණ එන්නත්කරණයට ලක් වූ විදෙස් සංචාරකයන් සඳහා දින 600කට පසු ඇමරිකාව සිය දේශ සීමාවන් අද සිට යළි විවෘත කළා. 
 
 
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top