පාසල් සහ රට යළි වසා දැමීමට සිදුවෙයි ? - සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි (Video)
Monday, 08 November 2021 - 13:55 | Views - 5,411

ජනතාව සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසි පරිදි අනුගමනය නොකළහොත් පාසල් සහ රට යළි වසා දැමීමට සිදු වනු ඇති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් ප්‍රකාශ කළා.මේ අතර මාස 06 පසු පාසල්වල 10, 11, 12 සහ 13 ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු අද යළි ආරම්භ කෙරුණා.සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව පාසල්වල 10 සිට 13 දක්වා ශ්‍රේණිවල සිසුන් පාසල් වෙත පැමිණීම දක්නට ලැබුණු බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. මේ අතර ජනතාව සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසි පරිදි අනුගමනය නොකළ හොත් පාසල් සහ රට යලි වසා දැමීමට සිදු වනු ඇති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් ප්‍රකාශ කළා.කෙසේ වෙතත් ඇතැම් පාසල්වලින් සීමිත ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වී තිබුණ ද එය සාමාන්‍ය තත්ත්වයක් බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ ප්‍රකාශ කළා.ඔහු කියා සිටියේ, දෙමාපියන් ඒ පිළිබඳව අනියත බියක් ඇති කර නොගත යුතු බවයි.එමෙන්ම අද සිට නැවතත් සියලු කාර්යාල දුම්රිය සමාන්‍ය පරිදි ධාවනය කෙරෙන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර ප්‍රකාශ කළා.ඒ අනුව මීට පෙර 152ක් ව පැවති දෛනික දුම්රිය ගමන්වාර සංඛ්‍යාව අද සිට 302 දක්වා වැඩි කර තිබෙනවා. මේ අතර එංගලන්තයෙන් ප්‍රථම වරට හඳුනා ගත් බී 117 හෙවත් ඇල්ෆා විකෘති ප්‍රභේදය ඇමරිකාවේ සුනඛයන්ට සහ බළලුන්ට ද ආසාදනය වී තිබෙනවා.මෙම විකෘති ප්‍රභේදය එම සතුන් අතරින් වාර්තා වූ පළමු අවස්ථාව බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.එමෙන්ම පූර්ණ එන්නත්කරණයට ලක් වූ විදෙස් සංචාරකයන් සඳහා දින 600කට පසු ඇමරිකාව සිය දේශ සීමාවන් අද සිට යළි විවෘත කළා.
Share This Article