මාවනැල්ල අධ්‍යාපන කලාපයේ සියලුම පාසල්වල ගුරුවරු හෙට වර්ජනයේ
Monday, 08 November 2021 - 13:31 | Views - 9,196
මාවනැල්ල අධ්‍යාපන කලාපයට අයත් සියලුම පාසල්වල ගුරුවරුන් හෙට දිනයේ අධ්‍යයන කටයුතුවලින් ඉවත් වී වර්ජනයක නිරත වීමට තීරණය කර තිබෙනවා.

ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂෆ් ස්ටාලින් කියා සිටියේ, මෙඩේරිගම විදුහලේ විදුහල්පතිවරයාට සහ ගුරුවරුන්ට තර්ජනය කළ මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ උපසභාපති කේ.ජී. පියතිස්ස මෙතෙක් පොලිසිය අත්අඩංගුවට නොගැනීමට විරෝධය පළ කරමින් මෙම වර්ජනය සිදු කරන බවයි.

මේ අතර බත්තරමුල්ල - පොල්දූව මංසන්ධියේ උද්ඝෝෂණයේ නිරත වූ විද්‍යාපීඨ ආචාර්ය සංගම් සහ දෙමව්පියන් මේ වනවිට අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිටට පැමිණ විරෝධතාවක නිරතවනවා.

ඒ, අධ්‍යාපන විද්‍යාපීඨ, විශ්වවිද්‍යාල බවට පත් කරන ලෙස ඉල්ලමින්.

පෙරවරු 10.30ට පමණ පාර්ලිමේන්තු වටරවුම ආසන්නයේ අදාළ පිරිස විරෝධතාව ආරම්භ කළේ විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින්.

පසුව ඔවුන් පා ගමනින් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිටට පැමිණි අතර, එහි දී මහජන යුතුකම් කේන්ද්‍රයේ සභාපති පූජ්‍ය ජඹුරේවෙල චන්ද්‍රරතන හිමියන් ප්‍රකාශ කළේ, සිය ගැටලු සඳහා විසඳුම් ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශයේ බලධාරීන් සමඟ සාකච්ඡාවක් අපේක්ෂා කරන බවයි.
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top