සිරකරුවන් බැලීමට සතියට දින 02 ක්
Monday, 08 November 2021 - 13:03 | Views - 485
බන්ධනාගාරගත සිරකරුවන්ට සතියට දින 02ක් අමුත්තන් බැලීමට අවසර ලබා දී ඇති බව වැඩබලන බන්ධනාගාර කොමසාරිස් (පාලන/ පුනරුත්ථාපන හා නිපුණතා සංවර්ධන) සහ බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක පවසනවා.

දිවයින තුළ කොවිඩ් 19 වසංගත තත්ත්ව ව්‍යාප්තිය හේතුවෙන් තාවකාලිකව නවතා තිබු බන්ධනාගාරගත රැඳවියන් හට අමුත්තන් පෙන්වීමේ කටයුතු, රට තුළ පනවා තිබු සංචරණ සීමා සමග සෞඛ්‍ය සේවා විසින් ලබා දුන් නිර්දේශයන්ට අනුකූලව එම ක්‍රියාවලිය ඔක්තෝබර් 04 දින සිට නැවත ආරම්භ වුණා.

ඒ අනුව මේ දක්වා සැකකරුවන් හට සතියකට එක් වතාවක් පමණක් අමුත්තන් බැලීමේ අවස්ථාව ලබා දී තිබු අතර, එය මෙම මස 04 වැනි දින සිට සතියකට දෙවතාවක් (දින 02 ක්) ඥාතීන් බැලීම සඳහා අවස්ථාව උදා කර දී ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක සඳහන් කළා.

ඥාතීන් විසින් සැකකරු හට ලබාදීම සඳහා රැගෙන එන බත් පාර්සලය එක් සැකකරුවෙකුට එක් වතාව බැගින් ද , බත් පාර්සලය රැගෙන ඒමේදී ව්‍යංජන වර්ග වෙනත් භාජනවල හා කවර වැනි දේ තුළ නොදමා බත් පාර්සලය තුළම පමණක් දමා රැගෙන එන ලෙසත්, බත් පාර්සලය එක් රැඳවියෙකු හට පමණක් පරිභෝජනයට සුසුසු ප්‍රමාණයක් රැගෙන එන ලෙස ද බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරවා ඥාතින්ට දන්වා සිටිනවා.

සැකකරුවන් හට බන්ධනාගාර ආපනශාලාවෙන් සතියකට සරිලන ආහාර හා සනීපාරක්ෂක ද්‍රව්‍ය ලබා ගැනීමට ලබා දී තිබු අවස්ථාව එලෙසම ක්‍රියාත්මක වන බව ද හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කළා. 
 
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top