පියතුමන් මේ මොහොතේ අත්අඩංගුවට ගන්නේ නෑ - නීතිපති කියයි (Photos)
Monday, 08 November 2021 - 11:28 | Views - 272
සිරිල් ගාමිණී පියතුමන් මේ මොහොතේ අත්අඩංගුවට ගැනීමක් සිදු නොකරන බව නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබෙනවා.

ඒ සිරිල් ගාමිණී පියතුමන් විසින් තමාව අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් නියෝගයක් නිකුත් කරන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කළ පෙත්සම සම්බන්ධයෙන් අද ( 08) පෙරවරුවේ සලකා බැලීමෙන් අනතුරුවයි.

පාස්කු ප්‍රහාරයට අදාළව සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවාවේ අධ්‍යක්ෂ ජනරාල් සුරේෂ් සලේ විසින් සිදු කරන ලද පැමිණිල්ලේ විමර්ශන අනුව තමන් අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙසට පසුගිය 03 වැනිදින සිරිල් ගාමිණී පියතුමන් විසින් අධිකරණයෙන් ඉල්ලීමක් සිදු කළා.

ඒ අනුව මෙම පෙත්සම අද දිනයේදී සලකා බැලුණේ, ශ්‍රේෂ්ඨාධිකරණය විසින්.

මෙම පැමිණිල්ලට අදාළව ප්‍රකාශයක් ලබාදීමට පැමිණෙන ලෙස සිරිල් ගාමිණී පියතුමන්ට පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් දැනුම්දීමක් සිදු කර තිබුණ ද, උන්වහන්සේ ඒ සඳහා සතියක කාලයක් ලබාදෙන ලෙස ඉල්ලීමක් සිදු කළා.

ඒ අනුව පසුගිය 03 වැනි දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත සිය නීතිඥවරුන් මාර්ගයෙන් ලිපියක් යොමු කරමින් දැනුම් දී ඇත්තේ, මේ වන විට තමන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර ඇති බැවින්, ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත එදින නොපැමිණෙන බවයි.

ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කරන ලද අදාළ පෙත්සම සම්බන්ධයෙන් නීතිපතිවරයා අද අධිකරණය වෙත දැනුම් දුන්නේ, සිරිල් ගාමිණී පියතුමන් මේ මොහොතේදී අත්අඩංගුවට ගැනීමක් සිදු නොකරන බවයි. 
 
 කෙසේ වෙතත් මේ සිදුවීම මුල්කරගෙන කතෝලික පියතුමන්ලා සහ පිරිස් එක්ව අද දින අධිකරණය ඉදිරිපිට නිහඬ විරෝධතාවක්ද පවත්වනු ලැබුවා.
 
 
 
 
 
 
 
 
 
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top