ඇෆ්ගනිස්ථානයේ ගැටුම් නිසා ළමයින් 460ක් ජීවිතක්ෂයට
Monday, 08 November 2021 - 10:39 | Views - 441
මෙම වසරේ මුල් මාස හය තුළ ඇෆ්ගනිස්ථානයේ ඇති වූ ගැටුම්වලින් ළමයින් 460 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යුනිසෙෆ් සංවිධානය ප්රකාශ කළා.එම සංවිධානය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ තවත් ළමයින් දහස් ගණනක් ගැටුම්වලින් පූර්ණකාලීන ආබාධිත තත්ත්වයට පත්ව ඇති බවයි.මීට දින කිහිපයකට පෙර කුන්දුස් පළාතට එල්ල වූ ප්රහාරයකින් එකම පවුලේ පිරිමි ළමයින් දෙදෙනෙකු සහ ගැහැණු ළමයින් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ද යුනිසෙෆ් සංවිධානය පෙන්වා දෙනවා.
Share This Article