බඩල්කුඹුරෙන් හමු වූ හිස වේල්ලවීදියේ කාන්තාවගේ ද ? (Video)
Monday, 08 November 2021 - 7:59 | Views - 1,202

බඩල්කුඹුර - පස්සර ප්‍රධාන මාර්ගයේ අලුපොත ප්‍රදේශයේ තිබී මිනිස් හිස් කබලක් හමු වී තිබෙනවා.පොලීසිය සඳහන් කළේ, කිලෝමීටර් 11 කණුව ආසන්නයේ පාළු ඉඩමක තිබී මෙම හිස් කබල සොයා ගත් බවයි.මීට මාස කිහිපයකට පෙර කොළඹ - වේල්ලවිථිය ප්‍රදේශයේ දී ගමන් බෑගයක දමා තිබියදී හමු වූ කවන්ද කාන්තා මළසිරුර හා මෙම සොයා ගත් මිනිස් හිස් කබල අතර සම්බන්ධයක් පවතින්නේ ද යන්න පිළිබදව පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.අදාළ සිද්ධියේ ප්‍රධාන සැකකරු පදිංචිව සිටියේ ද බඩල්කුඹුර ප්‍රදේශයේ බැවින් ඊට අදාළව විමර්ශනයක් ද ආරම්භ කර ඇති බවයි පොලීසියේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සදහන් කළේ.මේ අතර, කාන්තාවක් ඝාතනය කර එම මළසිරුර ගමන් බෑගයක දමා සපුගස්කන්ද ප්‍රදේශයේ කසළ ගොඩකට දමා යාමේ සිද්ධියට අදාළව මේ වනවිට තොරතුරු රැසක් අනාවරණ කරගෙන තිබෙනවා.සපුගස්කන්ද - මා බිම ප්‍රදේශයේ කසල එක්රැස් වී ඇති ස්ථානයක තිබියදී අත් පා ගැට ගසා ගමන් බෑගයකට දමා තිබූ මළසිරුරක් හමුවූයේ පසුගිය 04 වැනිදායි.මියගොස් ඇත්තේ, මාළිගාවත්ත මහල් නිවාස සංකීර්ණයේ පදිංචි 44 හැවිරිදි මොහොමඩ් සාෆී ෆාතිමා මුම්ටාස් නැමැති කාන්තාවක් බව පසුව තහවුරු වුණා.සිදුවීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් අඹු සැමි යුවළ ඊයේ මහර වැඩබලන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කෙරුණු අතර, එහිදී නියෝග කෙරුණේ අද දක්වා රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කිරීමටයි.මේ අතර, සිද්ධියට අදාළව අත්අඩංගුවට ගැනීමට නියමිත අනෙක් පුද්ගලයා ඝාතනයට ලක් වූ ෆාතිමා මුම්ටාස්ගේ ජංගම දුරකතනය ප්‍රදේශයේ වෙනත් පුද්ගලයෙකුට විකුණා මුදල් ලබාගෙන ප්‍රදේශයෙන් පළා ගොස් ඇති බවටද තොරතුරු අනාවරණ වී තිබෙනවා.
Share This Article