සපුගස්කන්ද තෙල් පිරිපහදුව අසල බෑගයක දමා කැලිකසළ දමන ස්ථානයක තබා ගිය කාන්තාවගේ මරණය ඝාතනයක් බව පොලිස් විමර්ශනවලින් හෙළි වී තිබෙනවා.
එම ඝාතනයට අදාළ ව පුද්ගලයින් දෙදෙනෙකු මේ වෙනවිට අත් අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙනවා.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ,වයස අවුරුදු 36ක කාන්තාවක් හා 36 හැවිරිදි ඇයගේ ම ස්වාමි පුරුෂයා යි.
කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරින් විසිනුයි මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර ඇත්තේ.
මළ සිරුර ප්රවාහනය යොදාගත් ලොරි රථයක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.