අධිකරණ අමාත්‍ය අලි සබ්රි සිය අමාත්‍ය ධුරයෙන් හා පොදුජන පෙරමුණු සාමාජිකත්වයෙන් ඉවත් වීමට අදාළ ව ලිපිය සකස් කර ඇති බවට වාර්තා වෙනවා.
අමාත්‍යවරයා විසින් එම ලිපිය ද රැගෙන ජනපති හමුවීමට ගොස් ඇති බව සඳහන්.
'එක රටක් එක නීතියක්' යන තේමාව යටතේ ජනාධිපති කාර්ය සාධක බලකා සභාපතිත්වය පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ලබා දීම සම්බන්ධයෙන් අමාත්‍යවරයා විසින් දිගින් දිගට ම තම විරෝධය පළ කර සිටියා.
කෙසේ වෙතත් අප කළ විමසීමකදී අමාත්‍යංශයේ ඉහළ නිලධාරියෙක් සඳහන් කළේ ඇමතිවරයා තවමත් ඉල්ලා අස්වීමේ තීරණයක් ගෙන නොමැති බවයි.