වයස අවුරුදු හැට ඉක්ම වූ හා විවිධ සංකූලතාවලින් පෙළෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා කොවිඩ් මර්ධන තෙවැනි එන්නත් මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබා දීමට තීරණය වී තිබෙනවා.
සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් අසේල ගුණරත්න මේ බව සඳහන් කළ බව වාර්තා වෙනවා.
නාරාහේන්පිට යුද්ධ හමුදා රෝහලේ දී මෙම එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට යි සූදානම් කර ඇත්තේ.
නොවැම්බර් 8 වැනි දා සිට 12 වැනි දා තෙක් පෙරවරු 9.00 සිට පස්වරු 2.00 දක්වා එන්නත්කරණ වැඩසටහන් සිදු වෙනු ඇති.