විසි එක්වන සියවසේ දීර්ඝතම චන්ද්‍රග්‍රහණය - සති දෙකකින්
Saturday, 06 November 2021 - 11:03 | Views - 1,938
පූර්ණ චන්ද්රග්රහණයකට ආසන්න දීර්ඝ චන්ද්‍රග්‍රහණයක් ලබන 19 වන දා සිදු වන බව ඇමරිකානු නාසා ආයතනය ප්‍රකාශ කළා.එමඟින් සඳහන් කළේ පැය තුනයි විනාඩි 28 යි තත්පර 23 ක කාලයක් දිස්වන එය, මේ සියවසේ දීර්ඝතම චන්ද්‍රග්‍රහණය වනු ඇති බවයි.එහිදී චන්ද්‍රයාගේ මතුපිට සියයට 97කින් රත් පැහැ ගැන්වෙනු ඇති.විශේෂයෙන් උතුරු ඇමරිකානු කලාපයට දිස්වන මෙම චන්ද්‍රග්‍රහණය තරම් දීර්ඝ චන්ද්‍රග්‍රහණයක් වසර 2100 වනතුරු සිදු නොවනු ඇති බවයි නාසා ආයතනය අනාවැකි පළ කරන්නේ.මීළඟ දශක අට තුළ තවත් චන්ද්‍රග්‍රහණ 179ක් සිදුවනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර, එය, වසරකට චන්ද්‍රග්‍රහණ දෙකක පමණ සාමාන්‍යයක්.නොවැම්බර් 19 වනදා චන්ද්‍රග්‍රහණයෙන් පසු ඊළඟ චන්ද්‍රග්‍රහණය සිදු වනු ඇත්තේ ලබන වසරේ මැයි 16 වනදායි.
Share This Article