විසි එක්වන සියවසේ දීර්ඝතම චන්ද්‍රග්‍රහණය - සති දෙකකින්
Saturday, 06 November 2021 - 11:03 | Views - 1,939
පූර්ණ චන්ද්‍රග්‍රහණයකට ආසන්න දීර්ඝ චන්ද්‍රග්‍රහණයක් ලබන 19 වන දා සිදු වන බව ඇමරිකානු නාසා ආයතනය ප්‍රකාශ කළා.

එමඟින් සඳහන් කළේ පැය තුනයි විනාඩි 28 යි තත්පර 23 ක කාලයක් දිස්වන එය, මේ සියවසේ දීර්ඝතම චන්ද්‍රග්‍රහණය වනු ඇති බවයි.

එහිදී චන්ද්‍රයාගේ මතුපිට සියයට 97කින් රත් පැහැ ගැන්වෙනු ඇති.

විශේෂයෙන් උතුරු ඇමරිකානු කලාපයට දිස්වන මෙම චන්ද්‍රග්‍රහණය තරම් දීර්ඝ චන්ද්‍රග්‍රහණයක් වසර 2100 වනතුරු සිදු නොවනු ඇති බවයි නාසා ආයතනය අනාවැකි පළ කරන්නේ.

මීළඟ දශක අට තුළ තවත් චන්ද්‍රග්‍රහණ 179ක් සිදුවනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර, එය, වසරකට චන්ද්‍රග්‍රහණ දෙකක පමණ සාමාන්‍යයක්.

නොවැම්බර් 19 වනදා චන්ද්‍රග්‍රහණයෙන් පසු ඊළඟ චන්ද්‍රග්‍රහණය සිදු වනු ඇත්තේ ලබන වසරේ මැයි 16 වනදායි. 
 
 
 
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top