ගමන් බෑගයෙන් මතු වූ කාන්තා සිරුරේ - තොරතුරු රැසක් එළියට
Saturday, 06 November 2021 - 7:43 | Views - 678

සපුගස්කන්ද - මාබිම - තෙල් පිරිපහදු සංකීර්ණය අසල මාර්ගයේ කසළ ගොඩක දමා ගොස් තිබියදී ගමන් බෑගයකින් හමු වූ කාන්තා මළ සිරුර සම්බන්ධයෙන් වැදගත් තොරතුරු රැසක් අනාවරණය වී ඇති බව බස්නාහිර පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ප්‍රකාශ කළා.හිරු ප්‍රවෘත්තී අංශය කළ විමසීමකදී ඔහු කියා සිටියේ අද දිනයේදී සිද්ධියට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට හැකි බවයි.සපුගස්කන්ද ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරියෙකු ද සඳහන් කළේ, සිද්ධිය සම්බන්ධ විමර්ශන කටයුතු සඳහා පොලිස් කණ්ඩායම් 4ක් යොදවා ඇති බවයි.එමෙන්ම ඇය පැළඳ සිටි රුපියල් ලක්ෂ 8ක පමණ රන් ආභරණද අතුරුදන් වී ඇති බව ඔහු සඳහන් කළා.මෙම කාන්තාව මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචිකාරිනියකගේ බවට ඊයේ හඳුනා ගැනුණා.ඒ, ඇගේ සැමියා සහ දරුවන් දෙදෙනා විසින් දේහය රාගම ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේදී පරීක්ෂා කිරීමෙන් අනතුරුවයි.ඒ අනුව මොහොමඩ් ෂාෆි ෆාතිමා මුම්ටාස් නැමැති මාලිගාවත්ත මහල් නිවාස සංකීර්ණයේ පදිංචි 44 හැවිරිදි දෙදරු මවක් වන මෙම කාන්තාව, පසුගිය 28 වැනිදා පස්වරුවේ සිය නිවසෙන් තවත් කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු සමඟ ත්‍රීරෝද රථයකින් පිටත්ව ගොස් ඇති බවයි වාර්තා වන්නේ.එය ඇගේ ඥාති පුත්‍රයෙකු විසින් දැක ඇති අතර, තම බිරිඳ නිවසට නොපැමිණීම නිසා පසුගිය 01 වැනිදා බ්ලූමැන්ඩල් පොලිසියට අතුරුදන් වූ කාන්තාවගේ සැමියා විසින් පැමිණිල්ලක්ද සිදු කර තිබුණේ ත්‍රීරෝද රථයෙන් අවසන් වරට ඇය සමඟ ගිය කාන්තාවද පොලිසියට කැඳවාගෙන යමින්.මියගිය කාන්තාව බ්ලූමැන්ඩල් - ඕර්ස් ලේන් ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයෙන් බැස ගිය බව එහිදී ඇය ප්‍රකාශ කර තිබෙනවා. පොලිසිය සඳහන් කළේ, මියගිය කාන්තාව මුදල් පොලියට ලබාදීම සහ මුදලට සූදු ක්‍රීඩාවේ නිරත වන තැනැත්තියක බවයි.මියගිය කාන්තාවගේ මෘතදේහය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදු කිරීමට නියමිතයි.
Share This Article