පාසල් ආරම්භය පිළිබඳ - විශේෂ ප්‍රකාශයක්
Saturday, 06 November 2021 - 7:30 | Views - 3,673
දිවයිනේ සියලු පාසල්වල සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ ශ්‍රේණි අනිද්දා අනිවාර්යයෙන් ආරම්භ වන අතර, ඒ සඳහා සියලු කටයුතු සූදානම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ, 10, 11, 12 සහ 13 ශ්‍රේණි අධ්‍යයන කටයුතු මෙලෙස ආරම්භ කිරීම සඳහා කොවිඩ් මර්දන කමිටුවේ නිර්දේශ ලැබී ඇති බවයි.

කොරෝනා වසංගතය හමුවේ වසර දෙකක පමණ කාලයක් දිවයිනේ පාසල් වරින් වර වසා දමා තිබූ අතර වසංගත තත්ත්වය පාලනය කිරීමත් සමග සියලු‍ පාසල්වල ප්‍රාථමික අංශ පසුගිය මස 25 වැනිදා ආරම්භ කෙරුණා.

6 ශ්‍රේණියේ සිට 9 ශ්‍රේණිය දක්වා අධ්‍යයන කටයුතු ආරම්භ කිරීම පිළිබඳ මෙන්ම අතපසු වූ විෂය නිර්දේශ ආවරණය කිරීම සහ විභාග පැවැත්වීමට අදාළ කටයුතු පිළිබඳවද මේ වනවිටත් අවධානය යොමුව තිබෙනවා.

මේ අතර, සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ උපකාරක පන්ති නව සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව සියයට 50ක උපරිම ධාරිතාවකින් යුතුව ලබන මස 16 වැනි දා සිට ආරම්භ කිරීමට නියමිතයි.  
 
 
 
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top