කාන්තාවන් මුහුණ දෙන අතවර සහ හිරිහර ආදී අකටයුතුකම් ක්ෂණිකව දනුම්දීම සඳහා 1938 ගාස්තු රහිත ක්ෂණික දුරකථන අංකය පසුගියදා හදුන්වා දී තිබෙනවා.
කාන්තා හා ළමා සංවර්ධන රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්තගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල ‘සෙත්සිරිපාය’ පරිශ්‍රයේදී එම ක්ෂණික දුරකථන අංකය හඳුන්වා දීම සිදු වුණා.
මෙමඟින් කාන්තාවන්ට සිදුවන ඕනෑම අකටයුත්තක් සම්බන්ධයෙන් ගාස්තු රහිතව ඕනෑම මොහොතක දැනුම් දීමේ හැකියාවක් පවතින බව වැඩිදුරටත් සඳහන් වුණා.
දිගින් දිගටම කාන්තාවන්ට සිදුවන හිංසා වැඩි වීමත් සමඟ මෙවන් අංකයක් ජනතාවට හඳුන්වා දීමට කටයුතු කළ බවයි ඇමතිවරයා සඳහන් කළේ.