හැර ගිය බිරිඳ වෙනුවට තම දියණිය අඹුකමට ගත් නරුම පියා
Friday, 05 November 2021 - 11:26 | Views - 1,077
අවුරුදු 14 සිට සිය දියණිය දූෂණය කිරීමේ වරදට චෝදනා ලැබූ සැකකාර පියෙක් ගල්ගමුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
 
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ගල්ගමුව පොලිස් වසමට අයත් ගල්ගමුව පදිංචි වයස අවුරුදු 49ක පුද්ගලයෙක්. සැකකාර පුද්ගලයා සහ ඔහුගේ බිරිය අතර ඇති වූ ගැටලුවක් හේතුවෙන් බිරිය ඔහු සහ ළමයන් තිදෙනා අතහැර මීට වසර පහකට පෙර වෙනත් පළාතකට ගොස් තිබෙනවා. පසුව මෙම දියණිය හා අවුරුදු 10 හා 14 වයස්වල පසුවන ඇගේ සහෝදරයන් සමඟ පියාගේ නිවෙසේ ජීවත් වෙලා.
 
 කෙසේ වෙතත් ඒ වන විට මෙම දියණියගේ වයස අවුරුදු 13ක්. එතැන් පටන් මේ දක්වා මෙම සැකකාර පියා සිය දියණිය දූෂණයට ලක් කර ඇති අතර පසුව මේ පිළිබඳ සිය නැන්දණියට පවසා තිබෙනවා. පසුව දියණියගේ මව අඹන්පොළ ප්‍රදේශයේ පිහිටි ඇගේ මවගේ නිවෙසට දින තුනකට පෙර පැමිණි අවස්ථාවේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් දැනුවත් වී ගල්ගමුව පොලිස් ස්ථානයට පැමිණ පැමිණිලි කර ඇති බවයි සඳහන් වන්නේ. ඒ අනුව අදාළ සැකකාර පියා අත්අඩංගුවට ගෙන ඇති අතර දියණිය වෛද්‍ය පරීක්ෂණ සඳහා යොමු කර ඇති බවත් සඳහන්. 
 
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top