අවුරුදු 14 සිට සිය දියණිය දූෂණය කිරීමේ වරදට චෝදනා ලැබූ සැකකාර පියෙක් ගල්ගමුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ගල්ගමුව පොලිස් වසමට අයත් ගල්ගමුව පදිංචි වයස අවුරුදු 49ක පුද්ගලයෙක්. සැකකාර පුද්ගලයා සහ ඔහුගේ බිරිය අතර ඇති වූ ගැටලුවක් හේතුවෙන් බිරිය ඔහු සහ ළමයන් තිදෙනා අතහැර මීට වසර පහකට පෙර වෙනත් පළාතකට ගොස් තිබෙනවා. පසුව මෙම දියණිය හා අවුරුදු 10 හා 14 වයස්වල පසුවන ඇගේ සහෝදරයන් සමඟ පියාගේ නිවෙසේ ජීවත් වෙලා.
කෙසේ වෙතත් ඒ වන විට මෙම දියණියගේ වයස අවුරුදු 13ක්. එතැන් පටන් මේ දක්වා මෙම සැකකාර පියා සිය දියණිය දූෂණයට ලක් කර ඇති අතර පසුව මේ පිළිබඳ සිය නැන්දණියට පවසා තිබෙනවා. පසුව දියණියගේ මව අඹන්පොළ ප්‍රදේශයේ පිහිටි ඇගේ මවගේ නිවෙසට දින තුනකට පෙර පැමිණි අවස්ථාවේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් දැනුවත් වී ගල්ගමුව පොලිස් ස්ථානයට පැමිණ පැමිණිලි කර ඇති බවයි සඳහන් වන්නේ. ඒ අනුව අදාළ සැකකාර පියා අත්අඩංගුවට ගෙන ඇති අතර දියණිය වෛද්‍ය පරීක්ෂණ සඳහා යොමු කර ඇති බවත් සඳහන්.