ගමන් බෑගයෙන් හමු වූ මළසිරුර ගැන අංශ කිහිපයක් ඔස්සේ විමර්ශන (Video)
Friday, 05 November 2021 - 8:19 | Views - 847
සපුගස්කන්ද - තෙල් පිරිපහදුව අසල මාර්ගයේ කසල ගොඩක තිබූ ගමන් බෑගයක තිබී සොයාගත් කාන්තා මළ සිරුර සම්බන්ධයෙන් මේ වනවිට පොලීසිය අංශ කිහිපයක් ඔස්සේ විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව දැනට කාන්තාවන් අතුරුදන් වී ඇති බවට පොලිස් ස්ථාන වෙත ලැබී ඇති පැමිණිලි සහ තොරතුරු ඔස්සේ විමර්ශන ආරම්භ කර ඇති බවටයි වාර්තා වන්නේ.

පසුගිය දින කිහිපය තුළ බියගම ප්‍රදේශයෙන් කාන්තාවක් අතුරුදන් වී ඇති බවට තොරතුරු ලැබී ඇති අතර, ඒ ඔස්සේද විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

මේ වනතෙක් බෑගයේ තිබී සොයාගත් එම කාන්තාවගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීමට නොහැකි වී ඇත්තේ මෘත ශරීරය හඳුනාගත නොහැකි වන අන්දමින් නරක් වී තිබීම හේතුවෙන්.

කෙසේ වෙතත්, සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයද මේ වනවිට ආරම්භ වී තිබෙනවා.

අවුරුදු 30ත් 40ත් අතර වියේ පසුවන කාන්තාවකගේ සිරුරක් බෑගයක තිබී ඊයේ පස්වරුවේ පොලිසිය සොයාගනු ලැබුවේ ප්‍රදේශවාසීන් එම ස්ථානයෙන් දුගඳක් හමන බවට කළ දැනුම් දීමකට අනුවයි.  

සොයාගත් සිරුර අත් පා ගැට ගසා තිබූ බවටද පොලීසිය ප්‍රකාශ කළා.

එසේම කිසියම් පිරිසක් විසින් මෙම කාන්තාව දුෂණයට ලක්කර මරා දමන්නට ඇති බවට සැක කරන බවද, කෙසේ වෙතත් සිරුර හමුවූ අවස්ථාවේ සිරුරේ යට ඇඳුම් කිසිවක් නොතිබූ බවටද පොලිසිය සඳහන් කළා.


බෑගය, කොළ පැහැති පැදුරකින් ඔතා එම ස්ථානයට ගෙනවිත් දමා ඇති අතර පොලීසිය දැනට සැක පළ කරන්නේ මීට දින කිහිපයකට පමණ ඉහතදී එය කසල ගොඩට දමා ඇති බවටයි. 



 
 
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top