එන්නත් කාඩ්පත අනිවාර්ය කිරීම ගැන සැලසුම් (Video)
Friday, 05 November 2021 - 7:55 | Views - 1,131
පොදු ස්ථානවලට පිවිසීමේදී කොරෝනා එන්නත්කරණ කාඩ්පත අනිවාර්ය කිරීම සම්බන්ධයෙන් අධ්‍යයනයක යෙදෙන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රකාශ කළා.

මේ අතර, ඊයේ දිනයේ මෙරටින් හඳුනාගත් ආසාදිතයින් 592ත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 543,385ක් දක්වා ඉහළ ගියා.

පෙරේදා සිදු වූ කොරෝනා ආසාදිත පුද්ගල මරණ 15ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ තහවුරු කළා.

ඒ සමඟ මෙරටින් වාර්තාවන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 13,806ක්.

මේ අතර, කැනඩාවේ පොදු ස්ථාන කරා ඇතුළුවීමේදී පූර්ණ එන්නත්කරණ කාඩ්පත අනිවාර්ය කර ඇතැයි කැනේඩියානු මහ කොමසාරිස් ඩේවිඩ් මැකිනන් ප්‍රකාශ කළා.

ඊයේ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල සමඟ පැවති හමුවකදී ඔහු සඳහන් කර ඇත්තේ, එම පියවර ගනු ලැබුවේ වසංගතයෙන් තමන් ආරක්ෂා වන අතරම, අනෙක් පුද්ගලයින්ටද එය පැතිරීම වළක්වා ගැනීමේ අරමුණින් බවයි.

මෙම හමුව සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නියෝජිත ආචාර්ය අලාකා සිං ද එක්ව තිබෙනවා.

බූස්ටර් එන්නත මෙරට ජනතාවට ලබාදීම ආරම්භ කිරීම ඉතා සාධනීය පියවරක් බවත්, එය ඉදිරියේදී අනෙකුත් කණ්ඩායම්වලටද ලබාදෙන්නේ නම් වඩා වැදගත් වනු ඇති බවත් එහිදී ප්‍රකාශ කර ඇති බව සඳහන්.

මෙම හමුවේදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ, යුරෝපා රටවල් ක්‍රියාත්මක කරන පොදු ස්ථානයන් හි එන්නත්කරණ කාඩ්පත අනිවාර්ය කිරීමේ වැඩපිලිවෙළ මෙරට තුළ ද ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අධ්‍යයනයක නිරතවන බවයි.
 
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top