සපුගස්කන්දේ ගමන් බෑගයක තිබූ කාන්තා මළ සිරුරේ හෙළි නොවූ රහස (Video)
Friday, 05 November 2021 - 7:09 | Views - 1,683
සපුගස්කන්ද - තෙල් පිරිපහදුව අසල මාර්ගයේ කසල ගොඩක තිබූ ගමන් බෑගයක තිබී කාන්තා මළ සිරුරක් ඊයේ (04) සොයා ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව ප්‍රකාශ කළේ මියගිය කාන්තාවගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු කරගෙන නොමැති බවයි.

අවුරුදු 30 ත් 40 ත් අතර වියේ පසුවන කාන්තාවකගේ සිරුරක් මෙලෙස සොයා ගෙන ඇති අතර එහි අත් පා ගැට ගසා තිබූ බව පොලීසිය ප්‍රකාශ කළා. ප්‍රදේශවාසීන් විසින් එම ස්ථානයෙන් දුගඳක් හමන බවට පොලීසියට සිදුකළ දැනුම්දීමකට අනුවයි බෑගය පරීක්ෂා කර ඇත්තේ.

බෑගය, කොළ පැහැති පැදුරකින් ඔතා එම ස්ථානයට ගෙනවිත් දමා ඇති අතර පොලීසිය දැනට සැක පළ කරන්නේ මීට දින 4 කට පමණ ඉහතදී එය කසල ගොඩට දමා ඇති බවටයි. මෘත ශරීරය හඳුනාගත නොහැකි අන්දමට නරක්වී ඇති බැවින් ශරීරයේ යම් කැපුම් තුවාලයක් තිබේදැයි පහසුවෙන් නිරීක්ෂණය කළ නොහැකි බව ද පොලීසිය සඳහන් කළා.

පසුගිය මාර්තු මාසයේදී ද කොළඹ - වේල්ලවීදියේ බෑගයක තිබී හිස නොමැති කාන්තා මළ සිරුරක් සොයා ගත් අතර, මෙතෙක් එම සිරුරේ හිස සම්බන්ධයෙන් තොරතුරු තහවුරු කර ගැනීමට පොලීසියට හැකියාව ලැබුණේ නැහැ. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top