සයිනොෆාම් එන්නත ලබාගත් පුද්ගලයින්ට බූස්ටර් එන්නත
Tuesday, 02 November 2021 - 15:56 | Views - 5,357
සයිනොෆාම් එන්නත ලබා ගනිමින් කොවිඩ් මර්දන එන්නත්කරණය සම්පුර්ණ කළ පුද්ගලයින් සඳහා මාස 6 ඉක්මවීමට පෙර බූස්ටර් මාත්‍රාව ලබාදීම පිළිබඳව විද්වතුන් විසින් තීරණය කරනු ඇති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා.

සයිනොෆාම් එන්නත ලබාගත් පුද්ගලයින්ට මාස 6ක් ඉක්මවීමට පෙර බූස්ටර් මාත්‍රාව ලබාදිය යුතු බවට ඇතැම් පාර්ශව අදහස් පළ කර තිබුණා.

ශ්‍රී ලංකා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය රජීව් ද සිල්වා මහතා පැවසුවේ, සයිනොෆාම් එන්නතේ කාර්යක්ෂමතාව මාස 3කට පමණ පසුව අඩුවන බවට අනාවරණය වී ඇති බවයි.

"සයිනොෆාම් එන්නත දිහා බැලුවොතින් බහරේන්වල දත්තවලින් පෙනිලා තියෙනවා මාස 5කට පස්සේ, සයිනොෆාම් එන්නත් මාත්‍රා දෙකක් ගත්ත අය සහ ෆයිසර්, ඇස්ට්‍රාසෙනිකා සහ ස්පුට්නික් මාත්‍රා ගත් අයට සාපේක්ෂව වැඩියෙන් කොවිඩ් හැදෙනවා. බරපතළ ආසාත්මිකතා ඇතිවෙනවා සහ මරණ පොඩ්ඩක් වැඩී. ඒ නිසා කාලයක් යනකොට සයිනොෆාම් එන්නතේ ආරක්ෂකතාවය අඩුයි.

හැබැයි සයිනොෆාම් විතරක් නෙමෙයි. සයිනොෆාම් එකත් එක්ක ආරක්ෂාකතාවය අඩුවෙන එක පේනවා මහාචාර්ය නීලිකා මලවිගේ ගේ දත්ත අනුව. හැම වයස් කාණ්ඩයකම පෙනිලා තියෙනවා සයිනොෆාම් එන්නත් දෙකක් ගැහුවට පස්සේ, සුමාන 12කට පස්සේ එයාගේ ප්‍රතිදේහ ප්‍රමාණය ඉතාමත්ම අඩු තත්ත්වයකට වැටෙනවා. ඒක නිසා මං හිතන්නේ අවුරුදු 20ක් නැත්නම් අවුරුදු 30ට වැඩි ඕනෑම කෙනෙකුට මාස 6කට පස්සේ, තුන්වෙනි මාත්‍රාවක් දෙන එක නුවනට සුදුසුයි." 


 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top