සිරිල් ගාමිණී පියතුමන්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්
Tuesday, 02 November 2021 - 15:15 | Views - 286
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් තමාව අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ආචාර්ය සිරිල් ගාමිණී පියතුමන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනුකර තිබෙනවා.

පසුගියදා පාස්කු ප්‍රහාරයට අදාළව සිරිල් ගාමිණී පියතුමන් සහ වෙනත් පුද්ගලයින් සිදුකර ඇති චෝදනා ප්‍රතික්ෂේප කරමින් රාජ්‍ය බුද්ධි සේවාවේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් සුරේෂ් සලේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් සිදු කළා.

ඊට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා එම දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙසට සිරිල් ගාමිණී පියතුමන්ට පසුගියදා දැනුම්දීමක් ද සිදුකර තිබුණා.

කෙසේ වෙතත් එදින උන්වහන්සේ එහි නොපැමිණි අතර, ඒ වෙනුවට වෙනත් පියතුමන්ලා 3 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ සිටියා. ඔවුන් ඉල්ලා තිබුණේ ප්‍රකාශයක් ලබාදීම සඳහා සතියක කාලයක් සිරිල් ගාමිණී පියතුමන්ට ලබාදෙන ලෙසයි. 


 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top