මැසිවිලි රැසයි - ආයෙත් ගෑස් නෑ
Tuesday, 02 November 2021 - 13:50 | Views - 424
නැවතත් දිවයින පුරා ලිට්රෝ සහ ලාෆ්ස් ගෑස් හිඟයක් මතුව ඇති බවට පාරිභෝගිකයින් චෝදනා කරනවා.

ඔවුන් බොහෝ දෙනෙක් චෝදනා කරන්නේ මේ වන විට දෛනික අවශ්‍යතාවන් සපුරා ගැනීමට හෝ අදාල ගෑස් සමාගම් දෙකේම ගෑස් සැපයුම ප්‍රමාණවත් නොවන බවටයි.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී ලාෆ්ස් ගෑස් සමාගමේ සභාපතිවරයා කියා සිටියේ මේ වන විට සිය සමාගම ගෑස් ආනයනය සඳහා අවශ්‍ය ණයවර ලිපි විවෘත කර තිබුණද ඒ සඳහා මෙරට වාණිජ බැංකු සතුව ඩොලර් නොමැතිකම හේතුවෙන් අදාළ ප්‍රමාදය මතුව ඇති බවයි.

කෙසේ වෙතත් මෙම අර්බුදකාරී තත්ත්වය යටතේ වුව ද දිනකට ගෑස් ටොන් 300ත් 400ත් අතර ප්‍රමාණයක් දිවයින පුරා බෙදා හරින බව ඔහු කියා සිටියා.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ ලාෆ්ස් ගෑස් සමාගමේ සභාපති ඩබ්ලිව්.කේ.එච් වැගපිටිය සඳහන් කළේ පවත්නා තත්ත්වය යටතේ අවම තරමින් මෙරට වාණිජ බැංකු හරහා ණයවර සහතික හෝ ලබා ගැනීමට සිය සමාගම උත්සාහ දරමින් සිටින බවයි.

මේ අතර ලිට්ට්‍රෝ ගෑස් සැපයීමේ මතුව ඇති අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දැක්වූ එම සමාගමේ ප්‍රකාශකයකු සඳහන් කළේ සිය සමාගම අඩුවකින් තොරව ගෑස් සැපයුම අඛණ්ඩව සිදුකරගෙන යන බවයි.

කෙසේ වෙතත් ඔවුන්ගේ තරගකාරී සමාගම වන ලාෆ්ස් සමාගමේ මතුව ඇති ගෑස් සැපයුම අඩු වීම හේතුවෙන් සිය සමාගමේ නිෂ්පාදන සඳහා ඇති ඉල්ලුම ඉහළ ගොස් ඇති බවයි.

කෙසේ වෙතත් අඩුවකින් තොරව ගෑස් සැපයුමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගන්නා බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top