එක දිගට පැරදුණු සිංහයන්ට තවත් විරල අවස්ථාවක්
Tuesday, 02 November 2021 - 13:24 | Views - 4,069
මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුපර් ලීග් වටයේ තරග 4කට පසු ශ්‍රී ලංකාවට හිමි වී ඇත්තේ, ප්‍රසාද ලකුණු 2ක් පමණයි.

ඒ, එක් තරගයක් ජයගෙන තරග 3කින් පරාජයට පත්වීම හේතුවෙන්. මෙම වටයේ ඒ කාණ්ඩයේ තරග වදින ශ්‍රී ලංකා පිලට දැන් ඉතිරිව ඇත්තේ කොදෙව් පිල සමඟ පැවැත්වෙන තරගය පමණයි. කෙසේ නමුත් ශ්‍රී ලංකා පිළට අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීම සඳහා තවත් විරල අවස්ථාවක් පවතිනවා. ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය පෙන්වා දෙන පරිදි ඒ සඳහා කොදෙව් තරඟය ජයග්‍රහණය කිරීම අනිවාර්යයි. එහිදී ශ්‍රී ලංකා පිළට උපරිම වශයෙන් ප්‍රසාද ලකුණු 4ක් හිමි වනු ඇති. 
 
ශ්‍රී ලංකා පිළට අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීම සඳහා එය ප්‍රමාණවත් වන්නේ නැහැ. ඒ සඳහා බංග්ලාදේශ පිළ, දකුණු අප්‍රිකානු සහ ඕස්ටේ්‍රලියානු කණ්ඩායම් පරාජය කිරීම අවශ්‍යතාවක්. ඊට අමතරව බටහිර ඉන්දීය කොදෙව් පිළ ඕස්ටේ්‍රලියාව පැරද විය යුතු අතර එංගලන්තය විසින් දකුණු අප්‍රිකාව පරාජය කළ යුතුයි. ඒ සියල්ල සිදු වුවත් අනෙකුත් කණ්ඩායම්වල ශුද්ධ ලකුණු රැස් කිරීමේ වේගය පහළ මට්ටමකට වැටීම ද ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීම සඳහා අවශ්‍ය වනවා. 
 
මෙම කරුණු සියල්ල සම්පූර්ණ වීම ප්‍රාතිහාර්යයක් සිදුවිය යුතු බවයි ක්‍රීඩා විචාරකයන් පෙන්වා දෙන්නේ. ඊයේ පැවති තරගයේදී එංගලන්තය අතින් පරාජය වුවද ශ්‍රී ලංකා ක්‍රීඩක වනිදු හසරංග විස්සයි විස්ස ජාත්‍යන්තර තරගවල දී යැවූ පන්දු සංඛ්‍යාව සැලකූ විට දෙවනුව වේගවත්ම කඩුලු 50 වාර්තා කිරීම විශේෂත්වයක්.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top