විදුලි සේවකයන් හෙට ආරම්භ කිරීමට නියමිත උද්ඝෝෂණය ආරම්භ කර ඊට සමගාමීව යම්කිසි විදුලිය විසන්ධි වීමක් සිදුවුවහොත්, ජල සැපයුම ද සම්පූර්ණයෙන් ම ඇන හිටිණු ඇති බව ජලසම්පාදන මණ්ඩලයේ අධ්යක්ෂකවරයෙකු හිරු අප කළ විමසීමකදී සඳහන් කළා.
කෙසේ වුව ද විදුලිය විසන්ධි කර නැවත ලබා දුන්න ද අක්රිය වූ පොම්පාගාර යළි යථා තත්ත්වයට පත් කිරීමට පැය දොළහකට අධික කාලයක් ගතවනු ඇති බවද එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කර සිටියා.
විදුලිය විසන්ධි වනවාත් සමඟම ජල සැපයුම් පොම්පාගාර අක්රියවීම එම තත්ත්වයට හේතුව බවයි ඔහු පෙන්වා දුන්නේ.