තවත් නැනෝ දියර පොහොර තොගයක් මෙරටට
Tuesday, 02 November 2021 - 8:13 | Views - 180
ඉන්දියාවෙන් මෙරටට ආනයනය කරන නැනෝ නයිට්‍රජන් දියර පොහොර තවත් තොගයක් අද මෙරටට ලැබීමට නියමිතයි.

ඒ අනුව අදාළ පොහොර තොගය ගුවන් යානා 4කින් මෙරටට රැගෙන එන බවයි වාර්තා වන්නේ.

මෙලෙස ලංකාවට රැගෙන එන්නේ නැනෝ නයිට්‍රජන් දියර පොහොර තොගයේ දෙවන කොටසයි.

මේ අතර, පොහොර ගැටලුවට විසදුම් ඉල්ලා ගොවීන් පිරිසක් බකමූණ නගරයේ ආරම්භ කළ උපවාසය අද දස වන දිනටත් ක්‍රියාත්මකයි.

ඔවුන් හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ, මෙම උපවාසය ඉදිරියට ක්‍රියාත්මක කිරීම පිළිබදව අද පෙරවරුවේ තීරණයකට එළඹෙන බවයි.

මෙවන් පසුබිමක වී ඇතුළු අත්‍යවශ්‍ය භෝග සඳහා අවශ්‍ය පොහොර හා අදාළ පළිභෝධනාශක ආනයනය කිරීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නිර්දේශ කර තිබෙනවා.

ආරංචි මාර්ග අනාවරණ කළේ, ඊට අදාළ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් මේ දිනවල අමාත්‍යාංශ මට්ටමින් සාකච්ඡා සිදු කෙරෙමින් පවතින බවයි.

මේ අතර, කාබනික පොහොර යොදා වී ගොවිතැන් කිරීම, අත්හදා බැලීමක් බව අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන කියා සිටියේ අනුරාධපුරයේ දී ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top