ඉන්දියාවෙන් මෙරටට ආනයනය කරන නැනෝ නයිට්රජන් දියර පොහොර තවත් තොගයක් අද මෙරටට ලැබීමට නියමිතයි.
ඒ අනුව අදාළ පොහොර තොගය ගුවන් යානා 4කින් මෙරටට රැගෙන එන බවයි වාර්තා වන්නේ.
මෙලෙස ලංකාවට රැගෙන එන්නේ නැනෝ නයිට්රජන් දියර පොහොර තොගයේ දෙවන කොටසයි.
මේ අතර, පොහොර ගැටලුවට විසදුම් ඉල්ලා ගොවීන් පිරිසක් බකමූණ නගරයේ ආරම්භ කළ උපවාසය අද දස වන දිනටත් ක්‍රියාත්මකයි.
ඔවුන් හිරු ප්රවෘත්ති අංශයට කියා සිටියේ, මෙම උපවාසය ඉදිරියට ක්‍රියාත්මක කිරීම පිළිබදව අද පෙරවරුවේ තීරණයකට එළඹෙන බවයි.
මෙවන් පසුබිමක වී ඇතුළු අත්‍යවශ්‍ය භෝග සඳහා අවශ්‍ය පොහොර හා අදාළ පළිභෝධනාශක ආනයනය කිරීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නිර්දේශ කර තිබෙනවා.
ආරංචි මාර්ග අනාවරණ කළේ, ඊට අදාළ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් මේ දිනවල අමාත්‍යාංශ මට්ටමින් සාකච්ඡා සිදු කෙරෙමින් පවතින බවයි.
මේ අතර, කාබනික පොහොර යොදා වී ගොවිතැන් කිරීම, අත්හදා බැලීමක් බව අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන කියා සිටියේ අනුරාධපුරයේ දී ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.