අඩු පීඩන කලාපයේ බලපෑම තව දුරටත්
Tuesday, 02 November 2021 - 7:43 | Views - 401
අඩු පීඩන කලාපය තවදුරටත් ශ්‍රී ලංකාව ආශ්‍රිතව ස්ථානගතව පවතින් අබව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.බස්නාහිර, සබරගමුව, දකුණු සහ උතුරු පළාත්වල අද (02) දිනයේ දී විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.දිවයිනේ සෙසු ප්‍රදේශවල විශේෂයෙන් අද (02) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.බස්නාහිර, සබරගමුව, වයඹ, මධ්‍යම සහ උතුරු මැද පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව දන්වා සිටිනවා.
Share This Article