පසුගිය මස උද්ධමනය කැපී පෙනෙන ලෙස ඉහළට
Monday, 01 November 2021 - 16:27 | Views - 279
කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ වාර්ෂික වෙනස මගින් මනිනු ලබන උද්ධමනය ඔක්තෝම්බර් මාසයේදී සියයට 7.6 දක්වා කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබෙනවා.

සැප්තැම්බර් මාසයේදී එය සටහන් වූයේ සියයට 5.7ක් ලෙසයි.

ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම මිල ගණන් ඉහළ යාම ඒ සඳහා හේතු වී ඇති බවයි මහබැංකුව ප්‍රකාශ කළේ. ආහාර කාණ්ඩයේ උද්ධමනය සැප්තැම්බර් මාසයේ පැවති සියයට 10 සිට ඔක්තෝම්බර් මාසයේදී සියයට 12.8 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය සැප්තැම්බරයේදී සියයට 3.8ක් ලෙස පැවති අතර ඔක්තෝම්බර් මාසයේදී සටහන් වන්නේ සියයට 5.4ක් ලෙසයි.

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි මාසික වෙනස ද සියයට 1.94ක් වන අතර ආහාර සහ ආහාර නොවන කාණ්ඩවල මිල ගණන් ඉහළ යාම ඊට හේතුවයි.

විශේෂයෙන් සහල්, කිරිපිටි, පොල් සහ මසුන් මිල ගණන් මෙන්ම එල්.පී. ගෑස් ඇතුළු ඉන්ධන සහ ආපනශාලා මිල ගණන් ඉහළ යාම ද එහිදී දැකිය හැකියි. 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top