බූස්ටර් එන්නත තවත් පිරිසකට
Monday, 01 November 2021 - 13:42 | Views - 746
අනෙකුත් අවදානම් කණ්ඩායම්වලට බූස්ටර් එන්නත ලබාදීම ඉදිරියේදී ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළා.මේ අතර ඉදිරිපෙළ සෞඛ්‍ය කාර්ය මණ්ඩල සඳහා කොරෝනා මර්දන බූස්ටර් එන්නත ලබාදීම අද ආරම්භ කෙරුණා.කොරෝනා එන්නතේ දෙවන මාත්‍රාව ලබාගෙන මාස 06කට පසුවයි මෙම එන්නත ලබාදෙන්නේ.මේ දක්වා මෙරට එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන ඇති පුද්ගලයින් සංඛ්‍යාව 13,460,092ක්.මේ අතර පළාත් අතර සංචරණ සීමා ඉවත් කිරීමත් සමඟ අන්තර් පළාත් දුම්රිය සේවා ද අද සිට ආරම්භ කෙරුණා.
Share This Article