රාගම දී දුම්රිය දෙකක් එකට ගැටේ
Monday, 01 November 2021 - 11:04 | Views - 974
රාගම සහ පේරලන්ද දුම්රිය ස්ථාන අතර අද උදෑසන, දුම්රිය දෙකක් ගැටී තිබෙනවා.කෙසේ වෙතත් ඉන් කිසිවෙකුට හානියක් සිදුව නොමැති බවයි රාගම දුම්රිය ස්ථානයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.පුත්තලම සිට පානදුර බලා ධාවනය වෙමින් තිබූ දුම්රියේ ඊට පිටුපසින් පැමිණි බලවේග කට්ටල දුම්රියක් ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.කෙසේ වෙතත් ගැටීමට ලක් වූ දුම්රිය සාමාන්‍ය පරිදි ධාවනය කළ බවයි රාගම දුම්රිය ස්ථානයේ ප්‍රකාශකයා කියා සිටියේ.සංඥා දෝෂයක් හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ සහ පුත්තලම මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් අද පෙරවරුවේ හටගෙන තිබූ අතර, එය මේවනවිට යථා තත්වයට පත් කර ඇති බවයි දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික දසනායක සඳහන් කළේ.
Share This Article