17කට තුවාල ගෙනදුන් - ජපානයේ උමං දුම්රිය පිහි ඇනුම
Monday, 01 November 2021 - 8:56 | Views - 460
ජපානයේ උමං දුම්රියක සිදු වූ පිහි ඇණුමකින් පුද්ගලයින් 17 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

සිද්ධියට අදාළව 24 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

බොහෝ දෙනෙකු හැලොවින් සාද සඳහා යමින් සිටිය දී මෙම පිහි ඇණුම සිදුව ඇති අතර සැකකාර තරුණයා ලෝක ප්‍රකට ජෝකර් චිත්‍රපටයේ බැට් මෑන් චරිතයට සමාන ඇඳුමකින් සැරසී සිට ඇති බව සඳහන්.

සිද්ධිය ඇසින් දුටුවෙකු ප්‍රකාශ කළේ, සැකකරු දුම්රිය මැදිරි තුළට යම් දියරයක් ඉස ගිනි දල්වා ඇති බවයි.

එමෙන්ම ගිනි දැල් අතරින් දුම්රිය මගීන් මැදිරි කවුළුවලින් පිටතට පළා යන ආකාරය සී. සී. ටී.වී දර්ශනවල ද දැක්වෙන බව විදෙස් වාර්තා සඳහන් කළා.
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top