ජපානයේ උමං දුම්රියක සිදු වූ පිහි ඇණුමකින් පුද්ගලයින් 17 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
සිද්ධියට අදාළව 24 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
බොහෝ දෙනෙකු හැලොවින් සාද සඳහා යමින් සිටිය දී මෙම පිහි ඇණුම සිදුව ඇති අතර සැකකාර තරුණයා ලෝක ප්රකට ජෝකර් චිත්රපටයේ බැට් මෑන් චරිතයට සමාන ඇඳුමකින් සැරසී සිට ඇති බව සඳහන්.
සිද්ධිය ඇසින් දුටුවෙකු ප්රකාශ කළේ, සැකකරු දුම්රිය මැදිරි තුළට යම් දියරයක් ඉස ගිනි දල්වා ඇති බවයි.
එමෙන්ම ගිනි දැල් අතරින් දුම්රිය මගීන් මැදිරි කවුළුවලින් පිටතට පළා යන ආකාරය සී. සී. ටී.වී දර්ශනවල ද දැක්වෙන බව විදෙස් වාර්තා සඳහන් කළා.