අද සිට කොරෝනා 3 වැනි මාත්‍රාව - සෞඛ්‍ය සේවකයන්ට
Monday, 01 November 2021 - 8:11 | Views - 619
ඉදිරිපෙළ සෞඛ්‍ය කාර්ය මණ්ඩල සඳහා අද (01) සිට කොරෝනා තුන්වන එන්නත් මාත්‍රාව ලබාදීම ආරම්භ කෙරෙනවා.

එලෙස ලබාදෙන්නේ ෆයිසර් එන්නතයි.

මෙලෙස බූස්ටර් එන්නත් ලබාදෙන්නේ කොරෝනා දෙවන මාත්‍රාව ලබාගෙන මාස 6කට පසුවයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන සඳහන් කළේ රෝගීන් සමඟ ඉදිරිපෙළ ගැටෙන සෞඛ්‍ය සේවකයින්ට, ත්‍රිවිධ හමුදාවට, ගුවන් තොටුපල, වරාය, සංචාරක කර්මාන්තයේ යෙදෙන පිරිසටත් මෙලෙස බූස්ටර් එන්නත ලබාදෙන බවයි.

පසුව වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින්ටත්, අවුරුදු 30ත් 60ත් අතර විවිධ රෝගාබාධවලින් පෙළෙන පුද්ගලයින්ටත් බූස්ටර් එන්නත ලබාදීමට සැලසුම් කර තිබෙනවා.

ඉන් අනතුරුව අවුරුදු විස්සට වැඩි සියලුදෙනාට බූස්ටර් එන්නත ලබාදීමට අපේක්ෂාවෙන් සිටින බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ.

මේ දක්වා එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන ඇති මෙරට පුද්ගලයින් සංඛ්‍යාව එක්කෝටි 34 ලක්ෂ 60,092ක්.

එය මෙරට ජනගහනයෙන් සියයට 62.5ක අගයක් ගන්නවා.

ඊයේ දිනයේ මෙරටින් කොරෝනා ආසාදිතයන් 542ක් හඳුනාගැනීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව පන්ලක්ෂ 41,073 ක් දක්වා ඉහළ ගියා.

ඒ අනුව තවදුරටත් මෙරට සක්‍රිය ආසාදිතයන් සංඛ්‍යාව 14,532 ක්.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පෙරේදා සිදු වූ බවට ඊයේ තහවුරු කළ මරණ 18ත් සමඟ මෙරට මුළු මරණ සංඛ්‍යාව 13,743ක් ලෙස ඉහළ ගියා.

මේ අතර, ඊයේ අලුයම 4 සිට පළාත් අතර පනවා තිබූ සංචරණ සීමා ඉවත් කිරීමත් සමඟ පොදු ප්‍රවාහන සේවා සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කිරීමට අවසර හිමි වුණා.

කෙසේ වෙතත්, ඊයේ දිනයේ අන්තර් පළාත් බස් රථ සීමිත ප්‍රමාණයක් පමණක් ධාවනයට එක් කර තිබූ අතර සාමාන්‍ය කාල සටහන් අනුව දුම්රිය ධාවනය ආරම්භ වන්නේ අද දිනයේ සිටයි.

පළාත් අතර සංචරණ සීමා ඊයේ අලුයම ඉවත් කිරීමත් සමඟ අන්තර් පළාත් දුම්රිය දුර ගමන් සේවා අද සිට ආරම්භ කෙරෙන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.

සංචරණ සීමා ඉවත් කිරීමට පෙර දිනකට දුම්රිය 133ක් පමණ ධාවනය කෙරුණු අතර, එය, අද සිට 152 දක්වා ඉහළ නංවා ඇති බවයි දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික දසනායක සඳහන් කළේ.

අන්තර්පළාත් දුර ගමන් සේවා බස් රථ 1,600ක් පමණ ධාවනයට එක් කෙරෙන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය ප්‍රකාශ කළා.

පොදු ප්‍රවාහන සේවා මෙලෙස සාමාන්‍ය පරිදි ධාවනය ආරම්භ කළ ද ආසනගත මගීන් සංඛ්‍යාවක් පමණක් ප්‍රවාහනයට අවසර හිමි වන බවයි ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම සඳහන් කළේ.

එය උල්ලංඝණය කරන බස් රථවල මාර්ග බලපත්‍ර අත්හිටුවීමට අදාළව දැඩිව පොලීසියට උපදෙස් ලබාදෙන බව ද ඔහු කියා සිටියා.

මේ අතර ධවල මන්දිර ප්‍රකාශිකා ජෙන් සාකිට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව අනාවරණ වී තිබෙනවා.

ලොව පුරා කොරෝනා ආසාදිතයන් විසි හතර කෝටි හැත්තෑ හතර ලක්ෂ හතළිස් හයදහස් පන්සිය තුනක් ලෙස සටහන් වන අතර, මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ පනස් ලක්ෂ 14,748ක් ලෙසයි. 
 
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top